කෝටි 11 මත් කුඩු කටුනායකදී මාට්ටු
2026 March 06- Page Views : 8
රුපියල් එකොළොස් කෝටි පනස් ලක්ෂයක් වටිනා " කුෂ්" සහ " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියකු සමග අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
සැකකරු කොළඹ - 12 ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන නගර සභා සේවකයෙකි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ව්‍යාජ පතුළක් සකස් කර , මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 590 ක ප්‍රමාණය සහ " හෂීෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 910 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි