විදුලි වෘත්තීය සමිති වර්ජනය අස්සේ කොළඹ සහ ගම්පහ තැන් කිහිපයක විදුලිය බිඳවැටීම්
2026 March 10- Page Views : 9
කොළඹ 9, 14 සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳවැටීම් වාර්තා වී තිබේ.
විදුලි වෘත්තීය සමිතිවල අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් ඒවා යථා තත්ත්වයට පත්කිරීමට යම් කාලයක් ගතවනු ඇති බව වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ස්ථාපිත නව ආයතන වෙත සේවකයින් අනුයක්ත කිරීමේදී ක්‍රමවත් පත්වීම් ලිපි ලබානොදිම ඇතුළු ඉල්ලීම් 8ක් මුල් කරගනිමින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (09) සවසට 3ට ආරම්භ වූ අතර, එය පැය 24ක් පුරා ක්‍රියාත්මක බව ලංකා විදුලි වෘත්තීය සංගම් පවසයි.
සිය ඉල්ලීම් සදහා විසඳුම් නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයේ තිව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේය.
කෙසේවෙතත් විදුලිබල මණ්ඩලය අහෝසි කර නව සමාගම් යටතට පත් කිරීම මඟින් සේවකයින්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාදවල කිසිදු ගැටලුවත් මතු නොවන බව ලංකා විදුලිබල මණ්ඩල පරිවර්තන කාර්යය සාධක බළකායේ ප්‍රධානී පුබුදු නිරෝෂණ මහතා සඳහන් කළේය.