අකුණු සැරට බිලි වූ රෑමතිය
2026 April 09- Page Views : 5
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හඳපානාගල කෙන් හත ප්‍රදේශයේ දී අකුණු සැර වැදීමකින් තරුණියක් ජීවිතක්ෂයට පත් වී තිබේ.
නිවස අසල ඇති හේනේ වැඩ කරමින් සිටි මවට සහ පියාට වර්ෂාව නිසා කුඩයක් ලබා දී යළි නිවස වෙත කැඳවාගෙන ඒම සඳහා ගිය තරුණිය මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබුණි.
අකුණු සැර වැදීමෙන් පසු ඇය එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ කෙන් හත ප්‍රදේශයේ පදිංචි චමෝදි මල්ශානි නැමති විසිතුන් හැවිරිදි තරුණියකි.