WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බුත්තල මාරක අනතුර - පියාට මරුට - දරු දෙදෙනාට සහ බිරිදට බරපතළයි

2026 April 15- Page Views : 20

වැල්ලවාය, මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල උනාවටුන ප්‍රදේශයේ දී අද (15) අලුයම දී ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටී මාරක අනතුරක් සිදුවී තිබේ.

එකම පවුලේ පිරිසක් ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි රියදුරු මියගොස් දරුවන් දෙදෙනා සහ බිරිඳ බරපතළ තුවාල ලබා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි නිශාන්ත දේවප්‍රිය බණ්ඩාර නැමති අයෙක් වන අතර මෙම පිරිස අම්පාර සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටින අතර මෙම අනතුර සිදුවී ඇත.

අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලීසිය විමර්ශන සිදුකරයි.