WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දික්ඕවිට වරායට ගෙනා යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 150ක්: වටිනාකම රුපියල් බිලියන 4ක්

2026 April 17- Page Views : 2

දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ යාත්‍රාවේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 150කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා.

ඒ අනුව, එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 4ක් පමණ බවටයි සඳහන් වෙන්නේ.

යාත්‍රාවේ තිබී උර 6ක බහා තිබූ හෙරොයින්‍ මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 150ක් නාවික හමුදාව විසින් සොයා ගනු ලැබුවා.

දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් 4 දෙනා දික්ඕවිට වරාය වෙත අද උදෑසන රැගෙන පැමිණියා.

නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි මෙම දේශීය බහුදින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.