පිට පැන්න ‘සගරිකා’ යළි පීලි ගත කරයි
2026 April 25- Page Views : 6
වාදුව දුම්රිය ස්ථානයේ ආසන්නයේදී පීලි පැනීමකට ලක් වූ ‘සගරිකා’ දුම්රිය මේ වනවිට සාර්ථකව යළි පීලිගත කර ඇති බව වාර්තා වේ.
අදාළ දුම්රිය මේ වනවිට වාදුව දුම්රිය ස්ථානය වෙත යොමු කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
ඊයේ (24) උදෑසන සිදුවූ මෙම අනතුර හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල විය.
අනතුරින් පසුව, ඊයේ රාත්‍රියේදීම එක් දුම්රිය මාර්ගයක් ගමනාගමනය සඳහා විවෘත කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණි.
අද උදෑසන වන විට පීලි පැනීමෙන් සිදුවූ හානි බොහෝ දුරට යථා තත්ත්වයට පත් කර ඇති අතර, ඉතිරි අලුත්වැඩියා කටයුතුද ඉතා ඉක්මනින් නිම කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය මේ වනවිට බොහෝ සෙයින් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවද සඳහන් වේ.