WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පූනපිටිය කලපුවෙන් තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

2026 May 13- Page Views : 17

අලුත විවාහ වු තරුණයකුගේ මළ සිරුරක් උඩප්පුව පූනපිටිය කලපුවේ තිබී හමුවු බව උඩප්පුව පොලීසිය පැවසීය.

ඊයේ (12) සවස මෙලෙස හමුව ඇත්තේ උඩප්පුව පරියපාඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකුගේ සිරුරක් බව සඳහන් වෙයි.

අදාළ තරුණයා මසුන් ඇල්ලීම සඳහා තනිවම පූනපිටිය කලපුවට පැමිණ එහි මසුන් අල්ලමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති බව සඳහන් වෙයි.

පොලීසිය සිදුකළ පරීක්ෂණවලට අනුව අදාළ තරුණයා තමන්ගේ පාපැදියෙන් මෙලෙස පූනපිටිය කලපුවට මසුන් ඇල්ලීම සඳහා පැමිණ ඇති බවත් එහිදී කිසියම් හේතුවමක් මත ජලයේ ගිලී ගියා දැයි සැක මතුව ඇති බව සඳහන්. 

සිද්ධිය සම්බන්ධයෙන් උඩප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.