පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් හා ලංගමයක් බිහිසුණු අනතුරක
2026 May 13- Page Views : 22
කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල, පොල්ගහමුල්ල පුද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාව අසලදී පාසල් ළමුන් ප්‍රවාහන කළ පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අද (13) උදෑසන මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
පාසැල් ළමුන් ප්‍රවාහන බස් රථය අම්බලන්තොට දෙස සිට ගමන් කරමින් තිබූ අතර ලංගම බස් රථය කතරගම දෙසට ධාවනය වෙමින් තිබියදීයි මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.