බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් මිල රු 340න් පහළට
2026 May 22- Page Views : 5
අද (22) දින අන්තර් බැංකු ගනුදෙනු අවසානයේදී වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් මිල රු. 340 මට්ටමින් පහළට පැමිණ තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීමට හැකිවිය.
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීම පසුගිය දින කිහිපය පුරා දක්නට ලැබුණි.
එහි උපරිම අවස්ථාවක් ලෙස අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල ඊයේ (21) රුපියල් 354ක් ලෙස සටහන් වූයේ ඊට පෙර දිනයට වඩා රුපියල් 12කින් ඩොලරයේ අගය ඉහළ නංවමිනි.
ඒ අනුව ප්‍රමුඛ වාණිජ බැංකු රැසක අද පස්වරුවේ ඩොලරයක විකුණුම් මිල මෙලෙස සටහන්ව තිබුණි.
ඒ, ලංකා බැංකුවේ රුපියල් 336.50ක්, මහජන බැංකුවේ රුපියල් 338.86ක්, කොමර්ෂල් බැංකුවේ රුපියල් 342.50ක්, හැටන් නැෂනල් බැංකුවේ රුපියල් 340ක්, සම්පත් බැංකුවේ රුපියල් 340.50ක්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ රුපියල් 336.49ක් ලෙසින්.