WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දික්ඔය අඹුසැමි යුවළ ඝාතනයේ සැකකරුගේ CCTV දර්ශන එළියට 

2026 May 23- Page Views : 11

හැටන් දික්ඔය නගරයේ අඹුසැමි යුවළක් ඝාතනය කර ඔවුන්ගේ රන් භාණ්ඩ කොල්ලකා පලාගිය සැකකරු සොයා ගැනීමට මහජන සහාය පතමින් හැටන් පොලිසිය CCTV දර්ශන මාධ්‍යට නිකුත් කර තිබේ.

ඉකුත් 21 වනදා තියුණු ආයුධයකින් ගෙල කපා එම කාන්තාවගේ ගෙළ බැඳි රන් මාලය, තැල්ල සහ කාරාබු කොල්ලකා පවුම් 18ක රන් භාණ්ඩ රැගෙන සැකකරු පළාගොස් තිබුණි.

සැකකරු 21 දින උදෑසන දික්ඔය නගරයට පැමිණ ස්වර්ණාභරණ වෙළඳසැල් කිහිපයකට ගොස් රන් මාලයක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා නගරය පුරා සැරිසරා ඇති බව පොලිසිය පවසයි.

එදින පස්වරු 1:15ට පමණ එම අඹුසැමි යුවළ ජීවත්වන වෙළඳසැල තුළට ඇතුල්වී එම වෙළඳසැල තුළ සැඟව සිට තිබේ.

පසුව එම අඹුසැමි යුවළ ඝාතනය කර එදින පස්වරු 5:30ට පමණ අදාළ වෙළඳසැලෙන් පිටව ගොස් ඇති බවද ඝාතන පිළිබඳ විමර්ශන සිදුකරන හැටන් පොලිසිය පවසයි.

මෙම ඝාතනය සිදු කළේ යැයි කියන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලිසිය මහජන සහාය අපේක්ෂා කරයි.

සැකකරු පිළිබඳ තොරතුරු වෙතොත් හැටන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි 071 8591114 හෝ හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක 071 8591117 අංකයට දැනුම්දෙන ලෙසත් එසේත් නොමැති නම් හැටන් පොලිසියේ අපරාධ විමර්ෂන අංශයේ ස්ථානාධිපති 071 8593163 දරන දුරකථන අංකයට දැනුම්දෙන ලෙසත් හැටන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් විරසේකර මහතා ඉල්ලා සිටියි.