දඩල්ලේ බිහිසුණු බස් අනතුරක්
2026 June 04- Page Views : 11
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගාල්ල, දඩල්ල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අද (04) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයකි.
බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් 20දෙනෙකු පමණ ගමන් කර ඇති බව වාර්තා වේ.
බස් රථය කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී දඩල්ල ප්‍රදේශයේදී රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක මෙලෙස ගැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අනතුරින් බස් රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර ගාල්ල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.