WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආයෝජන ගෙන්නගන්න තුර්කියේ විශාලතම සමාගමක් සමඟ ඇමති විජිත සාකච්ඡාවක 

2026 June 06- Page Views : 12

තුර්කියේ පෙන්තෝල් සමූහයේ සහ ඇමෙරොන් එනර්ජීස්හි ව්‍යාපාරික දූත පිරිසක් සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අමාත්‍යංශයේ දී ඊයේ (05) පවත්වා තිබේ.

මෙම හමුවේදී තුර්කි රාජ්‍යයේ විශාලතම සමාගමක් වන පෙන්තෝල් සමාගමේ නියෝජිතවරු ප්‍රකාශ කර ඇත්තේ, නව රජය බලයට පත්වීමෙන් පසු ඇතිවී තිබෙන ආයෝජන හිතකාමී පරිසරය සහ ඒවා සාර්ථක කරගැනීමේ කටයුතුවලදී කිසිම බාධාවලින් තොරව කරගැනීමට ඇති හැකියාව පිළිබඳව දැනගන්නට ලද බවය.

තුර්කියේ ආයෝජකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානමින් සිටින බවත් ඒ සඳහා පවතින ආයෝජන අවස්ථාවන් පිළිබඳව දැනගැනීමට තුර්කි ව්‍යාපාරික දූත පිරිසේ මෙම සංචාරයේ අරමුණ බවත් ඔවුන් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ වෙළඳ හා ආයෝජන අවස්ථා සඳහා තුර්කි සමාගම් අතර වර්ධනයවී ඇති උනන්දුව අමාත්‍යතුමා පැසසුමට ලක් කළ අතර බලශක්ති, සංචාරක, ඖෂධ, ඉදිකිරීම් සහ කැණීම් ක්ෂේත්‍රයන්හි විභව ආයෝජන අවස්ථා පිළිබඳව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාව ආයෝජන හිතකර ආර්ථිකයක් බවට පත්ව ඇතැයි ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මූලෝපායික පිහිටීම සහ ආයෝජකයන් ආරක්ෂා කිරීමට නව රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය වෙනස්කම් ද පැහැදිලි කළේය.

පෝට්සිටි ව්‍යාපෘති පිළිබඳවත් ආයෝජකයනට එහි ලැබෙන ප්‍රතිලාභ පිළිබඳවත් විස්තර කළේය.

මෙම සාකච්ඡාව රටේ සංවර්ධන සැලැස්මට සහායවීම සඳහා ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයේ කොටසක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.