වැඩි මිලට පොහොර විකිණූ වෙළෙඳසැලක් වටලයි
2026 June 06- Page Views : 11
වැඩි මිලට පොහොර අළෙවි කළ මාතර ප්‍රදේශයේ වෙළඳසැලකට රුපියල් 10,000ක දඩයක් සහ එහි හිමිකරුට මාසයක අත්හිටවූ සිර දඬුවම් නියම කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
උපරිම සිල්ලර මිල වෙනස් කරමින් පොහොර අලෙවි කරන බවට ලද තොරතුරක් මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් එම වෙළඳසැල වටලා තිබුණි.
එහිදී පාලන මිල වෙනස් කළ යූරියා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටි 179ක් සොයාගෙන තිබූ බව සඳහන් වේ.
පාරිභෝගික අධිකාරිය භාරයට ගත් පොහොර තොගය සහ වෙළඳසැලේ හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රුපියල් 10,000ක දඩයක් සහ මාසයක අත්හිටවූ සිර දඬුවමක් නියම කර ඇත.
පොහොර මිටි තොගය රාජසන්තක කිරීමට ද අධිකරණය නියෝග කළ බව පාරිභෝග අධිකාරිය සඳහන් කළේය.
මීට අමතරව මිල වෙනස් කර, අලෙවිය සඳහා ඉදිරිපත් කිරීමේ චෝදනාව මත අදාළ පොහොර සමාගමට ද රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබේ.