WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තෙල්දෙණියේ අබිරහස් කාන්තා මරණය ගැන හෝඩුවාවක්

2026 June 18- Page Views : 14

තෙල්දෙණිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට නාඳුනන පුද්ගලයෙකු විසින් තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත ලබාදෙන ලද දුරකථන ඇමතුමකට විමර්ශන ආරම්භ කර ඇත.

ඊයේ (17) සවස මෙම මළ සිරුර හමුව තිබූ අතර, මෙම කාන්තාව ජූනි 03 වන දින සිට ජුනි 16 වන දින දක්වා නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවට පොලීසියට අනාවරණය වී තිබේ.

මේ අතර, තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත මෙම මෘත ශරීරය පිළිබඳව දැනුම්දීම සිදුකර ඇත්තේ, මියගිය කාන්තාවගේ පෙම්වතා බවට සැලකෙන පුද්ගලයා විසින් බවට ද සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මියගොස් ඇත්තේ, වයස අවුරුදු 33ක් වූ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තෙල්දෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මෙය මනුෂ්‍ය ඝාතනයක් ද නොඑසේනම් වෙනත් ආකාරයකින් සිදුවූ මරණයක් ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගැනීම සඳහා නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබය.

මේ අතර, නුවරඑළියේ හෝටලයක් තුළින් මෙම මියගිය කාන්තාව, පෙම්වතා යැයි සැක කෙරෙන පිරිමි පුද්ගලයෙකු විසින් උස්සාගෙන ඉන් පිටතට රැගෙන යන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.