WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මොරගහහේන උපතැපැල් කාර්යාලයේ තිබූ ලක්ෂ හතරක් හොරකම් කරලා 

2026 June 21- Page Views : 12

මොරගහහේන උපතැපැල් කාර්යාලයට කිසියම් පුද්ගලයෙකු ඇතුළුවී එහි සේප්පුව බිඳ රුපියල් හාරලක්ෂ හැත්තෑ හතර දහසක මුදලක් සොරාගෙන ඇති බව පොලීසිය පවසයි. 

එම මුදල් වැඩිහිටි දීමනා ගෙවීම සඳහා රැගෙන එන ලද්දක් බවට මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත. 

අදාළ සොරකම පෙරේදා (19) රාත්‍රියේ සිදුව ඇති අතර ඊයේ (20) පෙරවරුවේ තැපැල් ස්ථානාධිපතිවරයා කාර්යාලයට පැමිණ තිබේ.

එහිදී සිය කාර්යාලයේ දොරඅඟුල කඩා ඇති  බවට  නිරීක්ෂණයවීමත් සමඟ ඔහු මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගත්තේය. 

ඒ අනුව එම ස්ථානයට පැමිණි මොරගහහේන පොලිස් නිලධාරින් විමර්ශනයක් ආරම්භ කළහ.

එහිදී අනාවරණ වූයේ, නගරයේ බස් නැවතුම්පොළට ඉහළින් ඇති කැලෑබද භූමියක හුදකලාව පිහිටා ඇති මෙම උපතැපැල් කාර්යාලයට ඇතුළු වූ කිසියම් පුද්ගලයෙක් විසින් සේප්පුව බිඳ අදාළ මුදල රැගෙන ගොස් ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.