WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කුරුල්ලෙකු ගැටුණු මගී ගුවන්යානය ආරක්ෂිතව ගොඩබස්වයි

2026 July 11- Page Views : 41

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සිට තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්ව යාමේදී, කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ඉහළ අහසේ පියාසර කරමින් තිබූ මගී ගුවන් යානය යළි ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.

තුර්කි ගුවන් සේවයට අයත් TK-731 දරන ගුවන් යානය මෙම අනතුරට මුහුණ පා ඇති අතර, කුරුල්ලා ගැටීම හේතුවෙන් සිය ගුවන් ගමන අතහැර දැමීමට සිදුවිය.

අනතුරුව යානයෙහි ඉන්ධන සංචිතය අඩුකර ගොඩබැස්සවීමට සුදුසු මට්ටම තෙක් අඩුවන තෙක්, පැය 03 විනාඩි 15ක් මීගමුව කළපුව ආසන්න මුහුදු ප්‍රදේශයේ පහතින් පහතින් අඩු වේගයකින් ගමන් කරනු ලැබීය.

ගොඩබෑමට සුදුසු තත්ත්වයට පත්වීමෙන් පසු පෙ.ව. 10.21 ගොඩබැසනු ලැබීය.

මෙය පුළුල් බද සහිත A- 330 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් වූ අතර, එහි ගුවන් මගීන් 246ක් සහ කාර්යය මණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකු සිට ඇත.

මෙම යානය තුළ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂවරයෙකු ඇතුළු පිරිසක්ද ගමන් කරමින් සිට ඇති බව 'අද දෙරණ' ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය.

මෙම යානය අද උදෑසන 7.07ට ඉස්තාන්බුල් නුවර බලා, පැය 6ක ගුවන් ගමනක් සදහා කටුනායකින් පිටත් වූ අතර , ඒ වනවිට යානය තුළ ඉන්ධන කිලෝ ග්‍රෑම් 80,000 ක් ගබඩා කර තිබී ඇත.

යානය පිටත් වීමත් සමගම කුරුල්ලා ගැටී ඇති අතර, ගුවන් නියමුවා ඒ පිළිබද කටුනායක ගුවන්තොටුපොළ දැනුම්වත්කර තිබේ.

ගුවන් යානයෙහි වූ ඉන්ධන සංචිතය සමග යළි ගොඩබැස්සවීම ජාත්‍යන්තර ගුවන්ගමන් සංවිධානයේ නවතම නීතිරීතිවලට පටහැනි වේ.

ඒ හේතුවෙන් යානය ගොඩබැස්සවීමට සුදුසු ඉන්ධන මට්ටම තෙක් අඩුවන තුරු මීගමුව කළපුවට ඉහළ අහසේ අඩි 7,000ක උසකින්, නොට්ස් 253ක වේගයෙන් පැය 3 විනාඩි 15ක කාලයක් ගමන්කිරීමට සිදු වී තිබුණි.

එමෙන්ම හදිසි ගොඩබැස්සවීමකට සුදුසු වන පරිදි ගිනි නිවීම් රථ, ගිලන් රථ, වෛද්‍යවරුන්, හෙදියන්, ගලවා ගැනීමේ භටයන් කැඳවා ගුවන්තොටුපොළ සූදානම් කර තිබුණි.