මත්ද්‍රව්‍ය තොගයක් සමඟ වත්තලදී කතක් අත්අඩංගුවට
2026 July 12- Page Views : 13
අයිස් කිලෝග්‍රෑම් එකකට අධික තොගයක් සහ හෙරොයින් සමග කාන්තාවක් වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේය.
එහිදී සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 140 ක් සහ හෙරොයින් ග්‍රෑම් 538 ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සොයාගෙන ඇති බව සඳහන්ය.
සැකකාරිය 36 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.