WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හොර පාරෙන් ගෙනා මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ සැකකරුවන් 12ක් මාට්ටු

2026 July 29- Page Views : 13

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම සවුත්බාර් වෙරළ හා ගොඩබිම් ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකදී මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ සැකකරුවන් 12ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(28) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ සහ බලපත්‍ර නොමැතිව ගොඩබිම් මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 14,072ක් සමඟ සැකකරුවන් 12දෙනෙකු, ඩිංගි යාත්‍රා 03ක් සහ යතුරුපැදි 02ක් මෙලෙස නීතියේ භාරයට ගෙන තිබේ.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය වෙත ලද තොරතුරකට අනුව, දියත් කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම අතරතුර සැකකටයුතු ඩිංගි යාත්‍රා තුනක් සහ යතුරුපැදි දෙකක් පරීක්‍ෂාවට ලක්කර තිබුණි.

ඒ අනුව මෙම භාණ්ඩ තොගය සහ සැකකරුවන් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර සැකකරුවන් අවුරුදු 24ත් 46ත් අතර මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. 

මේ අතර සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ යතුරුපැදි වැඩිදුර නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.