නව හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ
2026 July 31- Page Views : 9
මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා නව හමුදාපතිවරයා ලෙස පත් කර තිබේ.
මෙම පත්කිරීමත් සමඟ ඔහු ලුතිනන් ජෙනරාල් ධුරය දක්වා උසස් කෙරෙනු ඇත.
මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඒ මහතා, මෙම පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
පාඨමාලා අංක 34 යටතේ යුද හමුදාවට බැඳී ඇති නිලන්ත ප්‍රේමරත්න මහතා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක වශයෙන්ද කටයුතු කර තිබේ.