WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට නායයෑම් රතු නිවේදනයක්

2026 August 03- Page Views : 8

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර 1 සහ අදියර 2 යටතේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.  ඒ් අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ උඩපළාත යන ප්‍රාදේශීය කොට්ඨාස ,කෑගල්ල දිස්ත්‍රික්කයේ යටින්තොට සහ අරණායක,නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, නෝර්වුඩ්, අඹගමුව කෝරළය, කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර,රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට යන අදියර 2 යටතේ අවධානයෙන් සිටින්න (ඇම්බර්) පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මේ අතර අදියර  1 යටතේ විමසිලිමත්ව සිටින්න, මහනුවර දිස්ත්‍රික්කය පන්විල සහ මැදදුම්බර කෑගල්ල දිස්ත්‍රික්කය දෙහිඕවිට සහ දැරණියගල රත්නපුර දිස්ත්‍රික්කය නිවිතිගල සහ කුරුවිට අදාළ නිවේදනය අද (03) උදෑසන 09 සිට හෙට (04) උදෑසන 09 දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. මේ අතර ඉදිරි දින කිහිපය තුළ වර්ෂාව පවතින බැවින් අනතුරුදායක ප්‍රදේශවල ජීවත්වන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම්දෙනු ලබයි. පසුගිය දිට්වා කාලයේ ඇති වූ අනතුරුදායක ස්ථානවල ජනතාව ජීවත්වනවානම් මෙම දිනවල පවතින වර්ෂාපතනයත් සමඟ එම ස්ථානවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ද එම ආයතනය වැඩිදුරටත් පවසයි.