ඇද හැළෙන මහ වැසිත් සමග නාවලපිටිය බෝහිල් වතුයායේ වතු නිවාස පේළියක් මතට විශාල මාර ගසක් වැටීම නිසා වතු නිවාස 05 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී එහි සිටි තිදෙනකු තුවා ලබා ඇතැයි නාවලපිටිය පොලිසිය කියයි.

එම නිවාස වල පදිංචිව සිටි තිදෙනකු තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් බරපතල තත්වයේ සිටි එක් තුවාලකරුවකු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

ගස කඩා වැටීමෙන් තුවාල ලබා ඇත්තේ 46 හැවිරිදි මවක් හා 13 හැවිරිදි කුඩා දියණියක් සහ අසල නිවසක වූ 36 හැවිරිදි කාන්තාවකි.