දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකර දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 11වැනිදා අදාළ අත්බෝම්බ ප්‍රහාරය එල්ලකර දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා ඔවුන්ගේ පියාට බරපතළ තුවාල සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය යටතේ මෙම සැකකරුවන් හඳුනාගෙන තිබේ.
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම විමර්ශන සිදුකරන අතර, ඒ යටතේ අදාළ අපරාධය සිදුකළ ප්‍රධාන සැකකරු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඉකුත් 17 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.
විමර්ශන නිලධාරින් විසින් ඔවුන් රිදීමාලියද්ද, දෙහිවල හා බොරැලැස්ගමුව පොලිස් වසම්වලදී අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම අත්බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවට සැකපිට මෙම සැකකරුවන්ව දෙහිවල පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 960ක් සහ අපරාධය සඳහා යොදාගත් ත්‍රීරෝද රථයක්ද සිය භාරගෙන ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 30 සහ 31 වයස්වල පසුවන පිළියන්දල සහ කහතුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
දරුවන් දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.