දිවයින පුරා පොලිසිය ඊයේ (27) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් 26,606 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබේ.

එහිදී සැකකරුවන් 463 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කළේය.

ඒ අතර අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයින් 12 දෙනෙකු, දින වරෙන්තුකරුවන් 360 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 165 දෙනෙකු සිටිති.

තව ද බීමත් රියදුරන් 324 දෙනෙකු සහ අපරික්ෂාකාරි රිය පැදවීම්වලට පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.