ලෝක ළමා දිනය අද දිනයට  යෙදී ඇත. ඒ නිමිත්තෙන් විශේෂ වැඩසටහන් රැසක් රටපුරා සංවිධානය කර ඇතැයි ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය කියයි. මෙවර ලෝක ළමා දින තේමාව  “මනසින් සවිමත් - දරුවන් පොහොසත්” යන්නයි.  ළමුන් වෙනුවෙන් සංවිධානය කළ  වැඩසටහන් රැසක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී  අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය‍ෙ ලෝක ළමා දිනයට සමගාමීව දෙහිවල සත්වෝද්‍යානය සහ පින්නවල අලි අනාථාගාරය  නොමිලේ නැරඹීමට දරුවන්ට  අවස්ථාව ලබා දී ඇත. දෙහිවල සත්වෝද්‍යානයේදී ළමුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ද සංවිධානය කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා සඳහන් කළේය.