අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේදී නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අද (04) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 74ක් වූ ගල්වෙහෙර, අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක කරන අතර නිවසේ ජනේලයක් තුළින් ගිනි අවිය යොමු කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට දැනට සිදුකරන විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරති.
අහුංගල්ලේ වෙඩි තැබීමක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.