අමෙරිකානු ඩොලර් මිලියන 80ක් නීතිවිරෝධී TT (Telegraphic Transfer) ක්‍රමය හරහා විදේශීය ගිණුම් වෙත හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් මරදාන ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස විදේශීය ගිණුම් වෙත මාරු කර ඇති බවට සැක කෙරෙන අමෙරිකානු ඩොලර් මිලියන 80 හෙවත් ආසන්න වශයෙන් රුපියල් බිලියන 23ක මුදල 2023 සහ 2025 අතර කාලය තුළ හුවමාරු කර ඇති බවට වාර්තා වෙයි.