ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (8)පැවැත්වේ. අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාර ගත කෙරුණු ගලගොඩ අත්තේ ඤාණසාර හිමි ගිහි වස්ත්‍ර සහිතව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් මෙහිදී කථිකා කිරීමට නියමිතව තිබේ. එම සාකච්ඡාව අද ප.ව.1.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.