අධ්‍යාපන සමුපකාර සමිතියේ කාර්ය මණ්ඩලයේ දිනක වැටුප වශයෙන් රුපියල් මිලියනයක මුදලක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ.
ඒ අනුව අධ්‍යාපන සමුපකාර සමිතියේ සභාපති එම්. ජී. පී. එල්. ලාල් කුමාර මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය/ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ, අධ්‍යාපන සමුපකාර සමිතියේ ලේකම් ක්‍රිශාන්ත කවිකාර, උප ලේකම් සංගීත් ගයාන් එදිරිසිංහ යන මහත්වරු ඇතුළු අධ්‍යාපන සමුපකාර සමිතියේ සෙසු නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අධ්‍යාපන සමුපකාර සමිතිය දිනක වැටුප රටට දෙයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
ඩිනුක තිසර ගුණසේකර
තාක්ෂණික හා නව නිපැයුම් කර්තෘ
ඩිජිටල් තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ නව ප්රවණතා පිළිබඳ ලියන්නෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.