පද්‍ය, ගද්‍ය, සංවාද සහ පරිවර්තන එකිනෙක මුසු කරමින් අපූරු ශෛලියකින් නිර්මාණය කටයුතුවල නියැලෙන කැනේඩියානු කිවිඳියක සහ ලේඛිකාවක වන 76 හැවිරිදි ඈන් කාසන්ට 2026 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමිවිය.
ධෛර්යසම්පන්න සහ නිර්මාණශීලී සමස්ත සාහිත්‍ය මෙහෙවර ඇගයීමට ලක් කරමින් මෙම නොබෙල් සාහිත්‍ය ත්‍යාගය, ඈන් කාසන්ට හිමිවන බව නොබෙල් කමිටුව නිවේසනය කර ඇත. රන් පදක්කමට, සහතික පත්‍රයට අමතරව, ඇයට ස්වීඩන් ක්‍රෝන මිලියන 12 (ඇමරිකානු ඩොලර් මිලියන 1.2ක්) ත්‍යාග මුදලක් ද හිමිවෙයි.
පැරණි ග්‍රීක සාහිත්‍ය කෘති පරිවර්තනය කිරීම මඟින් වඩාත් ප්‍රසිද්ධියට පත් ඈන් කාසන්ගේ නිර්මාණ, ඔපෙරා ලිබ්‍රෙටෝ (ගීත නාට්‍ය පිටපත්) වල සිට සාහිත්‍ය විචාර සහ 1998 දී රචිත ඔටෝබයෝග්‍රැෆි ඔෆ් රෙඩ් වැනි පද්‍ය නවකතා දක්වා විහිදී යයි. ඇයගේ කෘතිවල සාම්ප්‍රදායික ශෛලීන් ඉක්මවා යන අපූරු ස්වභාවයක් දක්නට ලැබෙන බව සාහිත්‍ය විචාරකයන්ගේ අදහසය.
2026 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය කැනඩා කිවිඳියට
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.