රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම් හමුවේ, බලශක්ති යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමේ ‘බලශක්ති විරාමයකට’ දෙපාර්ශ්වයම එකඟ වූ බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මේ බව පැවැසුවේ, සිය ටෲත් සොෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමිනි. රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙන්ම යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද මෙම බලශක්ති සටන් විරාමය සඳහා කැමැත්ත පළ කර ඇති බව ට්‍රම්ප් සිය සමාජ මධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත. තමන් මේ ගැන කිසිවක් කලින් දැන නොසිටි බවත්, ට්‍රම්ප් රුසියන් ජනාධිපති සමග එක් වී, ‘බලශක්ති විරාමය’ සඳහා සාකච්ඡා පනත්වා ඇති බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇති නමුත්, පසුව ඔහු පවසා ඇත්තේ යුක්රේනය ද එම  ‘බලශක්ති විරාමය’ සඳහා කැමැත්ත පළ කරන බවය.