භික්ෂුන් වහන්සේලාගේ චීවරය ගැලවීම කිසිසේත් උසාවියට සම්බන්ධ කාර්යයක් නොවේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. එය කළ යුත්තේ බුද්ධ ධර්මයේ ගැබ්වෙලා තිබෙන විනය රීති වලට අනුකූලව බව කී පීරිස් මහතා භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් වන නීති සහ රීති පැහැදිලිව බුද්ධ ශාසනයේ දක්වා තිබෙන බව සඳහන් කළේය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජී.එල් පීරිස් මහතා මෙසේද කීය.
ඥානසාර හිමියන්ට උසාවියෙන් පනවා තිබෙනවා අවුරුදු හයක සිරදඬුවමක්. එය රටේ නීතිය ක්‍රියාත්මක කරමින් උසාවිය විසින් පනපු දඬුවමක්. ස්වාමීන් වහන්සේගේ සිවුර ගැලවීම ඊට හාත්පසින් වෙනස් දෙයක්.
උපසම්පදාව ප්‍රතික්ෂේප කරනවා නම්, ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ස්වේච්ඡාවෙන් ප්‍රතික්ෂේප කරනවා නම්, සිවුර ගැලවෙනවා. නමුත් භික්ෂුවගේ කැමැත්තට පටහැනිව සිවුර ගලවන්න පුළුවන් වන්නේ පාරාජිකා තත්ත්වයට පත්වුණොත් පමණයි. පාරාජිකා හතරයි තියෙන්නේ. කාම සේවයේ යෙදීම, සොරකම් කිරීම, මනුෂ්‍ය ඝාතනය හා තමන් තුළ නැති ගුණයක් හෝ සුදුසුකමක් ආරෝපණය කර ගැනීම. මේ හතර තමයි පාරාජිකා තත්ත්වයට පත්වෙන්න බලපාන්නේ. මෙන්න මේවායින් එකකට වරදකරු වුණොත් පමණයි මේ භික්ෂුවගේ කැමැත්තට විරුද්ධව සිවුර ගැලවීමට පුළුවන් වන්නේ.
මේ පාරාජිකා හතරෙන් එකකට වරදකරු වුණොත් බුද්ධ ධර්මයේ යම්කිසි උපමාවක් පාවිච්චි කර තිබෙනවා. උපමාව තමයි තල් ගහක් කරටියෙන් කඩා දැමීම. ඒ හතරෙන් එකක් සිද්ධ වුණා නම් එය නැවත නිවැරදි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, එය සදාකාලිකයි. එම නිසා ඒ චීවරය ගැලවීම උචිත වෙනවා.
නමුත් ඒ පිළිබඳ තීරණය අයත් වන්නේ අදාළ නිකායේ මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝ සභාවට යි. ඕනෑම භික්ෂුවක් යම් කිසි නිකායකට අයත් වෙනවා. ඒ නිකායේ මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝ සභාවට පමණයි සිවුර ගැලවීමේ අයිතිය තියෙන්නේ.
භික්ෂූ චීවරය ගැලවිය යුත්තේ බෞද්ධ විනය නීති වලට අනුවයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.