විද්යා ප්රබන්ධ සහ කාටූන් කතාවලට පමණක් සීමා වූ ‘පියාසර කරන මෝටර් රථ’ පිළිබඳ සංකල්පය යථාර්ථයක් කරමින්, ගුවනින් ද යා හැකි විදියේ නව මෝටර් රථයක් ලෝ ප්රකට ‘ටෙස්ලා’ සමාගම හඳුන්වා දී ඇත.
‘රෝඩ්ස්ටර්’ නමින් නම් කළ මෙම පියසැරි මෝටර් රථය, එළිදැක්වීම සිදු කරනු ලැබුවේ, ‘ටෙස්ලා’ සමාගමේ ප්රධාන විධායක නිලධාරී ඉලෝන් මස්ක් විසිනි. ඒ, ටෙක්සාස් ජනපදයේ, ‘ස්පේස්එක්ස්’ සමාගමට අයත් පර්යේෂණ ගොඩනැගිල්ලක් තුළය.
‘ටෙස්ලා’ සේම, ‘ස්පේස්එක්ස්’ ද ඉලොන් මස්ක් ට අයත් සමාගම්ය. ‘ටෙස්ලා’ සමාගම නවීන මාදිලියේ විදුලි මෝටර් රථ නිපදවීම සිදු කරන අතර, ‘ස්පේස් එක්ස්’ සමාගම අභ්යවකාශ කටයුතුවල නියැලෙයි.
‘රෝඩ්ස්ටර්’ මෝටර් රථයට තත්පරයකටත් අඩු කාලයකදී පැයට සැතපුම් 60 ක වේගයක් ලබා ගැනීමට හැකිය. මෝටර් රථයේ දස්කම් විස්තම් රැස්ව සිටි අයට පෙන්වීමට මක්ස් අමතක කළේ නැත.
ටෙස්ලා සමාගමෙන් ‘ඉගිල්ලෙන’ කාර් එකක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.