දිවයින පුරා ඊයේ (17) දිනයේදී සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වන ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම පවසයි.
එම සමාගමේ සභාපති ප්රදීප් ප්රියදර්ශන මහතා පැවසුවේ අදාළ පරීක්ෂණය සිදුකර එහි වාර්තාව මාසයක් ඇතුළත මහජන උපයෝගීතා කොමිසමට සහ අමාත්යාංශයට යොමු කරන බවය.
එමෙන්ම අදාළ වාර්තාව මගින් අනාගතයේදී මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අවශ්ය පියවර නිර්දේශ කිරීමට බලාපොරොත්තු වන බවද අද දෙරණ සිදුකළ විමසීමකදි අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේය.
විදුලි සම්ප්රේශණ පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවයක් හේතුවෙන් ඊයේ (17) දහවල් 11.45ට පමණ දිනයින පුරා ප්රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක් සිදුවිය.
එහිදී ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම පැවසුවේ ඇතිවූ විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට අවශ්ය කටයුතු සිදුකරමින් පවතින බවය.
ඒ අනුව ඊයේ රාත්රි 9.56 වන විට විදුලි පද්ධතිය සාමාන්යකරණය කරමින් විදුලි සැපයුම දිවයින පුරා යථා තත්ත්වයට පත් කිරීමටද එම සමාගම කටයුතු කරනු ලැබීය.
විදුලි බිඳ වැටීම ගැන විධිමත් පරීක්ෂණයක් - විමර්ශන වාර්තාව මාසයක් ඇතුළත
පුවතට සවන් දෙන්න
ස්වයංක්රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.