'අග්බෝ' ඇතා සොයා යුද හමුදාව සහ වනජීවී නිලධාරීන් එක්ව සිදුකරන සෝදිසි මෙහෙයුම් අද (19) දෙවන දිනටත් ක්රියාත්මක කර තිබේ.
ඒ අනුව, අද පෙරවරු 7.15ට පමණ නාච්චාදූව වැව් රක්ෂිතය ආශ්රිතව මෙම මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා යුද හමුදා සෙබළුන් 50 දෙනෙකු සහභාගී වී සිටිති.
21 වන පාබළ සේනාංකයේ නිලධාරීන් සිව්දෙනෙකුගේ නායකත්වයෙන් මෙහෙයුම් ක්රියාත්මක වන අතර, මේජර් ජෙනරාල් කමින්ද සිල්වා, බ්රිගේඩියර් බස්නායක සහ මේජර් සිල්වා ඇතුළු නිලධාරීන් ඊට එක්ව සිටිති.
ඊයේ (18) දිනයේදී ඒරුවැව ප්රදේශයේ සිට ඒ-9 මාර්ගය හරහා ගමන් කර නාච්චාදූව වැව් රක්ෂිතය දෙසට අග්බෝ ඇතා ගමන් කළ බවට ලැබුණු තොරතුරු මත අද එම රක්ෂිතය ආවරණය කරමින් සෝදිසි මෙහෙයුම් සිදුකෙරේ.
මෙහෙයුම් සඳහා ශ්රී ලංකා යුද හමුදාවේ ඩ්රෝන යානයක් සහ ශ්රී ලංකා ගුවන් හමුදාවේ ඩ්රෝන යානා දෙකක් ද යොදා ගැනීමට නියමිතය.
අග්බෝ ඇතා සොයා දින කිහිපයක් පුරා සිදුකරන මෙහෙයුම් සම්බන්ධයෙන් අදහස් දක්වන වනජීවී නිලධාරීන් පවසන්නේ ඇතා මද කිපුණු තත්ත්වයක පසුවන අතර වේගයෙන් ගමන් කරමින් සිටින බවයි.
කෙසේ වෙතත්, අග්බෝ ඇතාට කිසියම් අනතුරක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව සමීප නිරීක්ෂණයකින් අනතුරුව තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවනු ඇතැයි වනජීවී නිලධාරීහු විශ්වාසය පළ කරති.
මේ අතර, තිරප්පනේ අඩවි වනජීවී බීට්ටු කාර්යාලයේ අඩවි සහකාර බුද්ධික අතුකෝරල මහතාගේ නායකත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් ද මෙහෙයුම් සඳහා මඟපෙන්වීම ලබාදෙමින් සිටිති.
'අග්බෝ' සොයන මෙහෙයුමේ දෙවන දිනය ඇරඹේ
පුවතට සවන් දෙන්න
ස්වයංක්රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.