මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් මාතර, තලල්ල, නාඔරුන්න වෙරළේ තිබී අද (24) උදෑසන සොයාගෙන තිබේ.

නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම උර තොගය හමුවූ බව නාවික හමුදාව පවසයි.

මෙහිදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර 10ක් සහ ගමන් මළු 11ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.