ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය නොසන්සුන්තාව උත්සන්න වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
ඒ අනුව අද (11) උදෑසන වන විට ලෝක වෙළෙඳපොළේ ප්‍රධාන තෙල් සලකුණක් වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108 සීමාව ද ඉක්මවා ගොස් තිබේ.
පසුගිය ජූලි 24 වැනිදායින් පසු ඉකුත් 9වැනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව පසුකළ අතර, එතැන් සිට නොකඩවා මෙලෙස තෙල් මිල ඉහළ යමින් ඇත.
බ්‍රෙන්ට් තෙල් මිල ඉහළ යාමට සමගාමීව අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 103.34 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 122.48 ක් ලෙස සටහන් වී ඇත.
බොරතෙල් බැරලයක මිල ඩොලර් 108 සීමාවත් පනී
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.