නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අක්‍රිය කර තිබේ.

ඒ සම්බන්ධයෙන්  ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO)) වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් විදුලි සැපයුමට කිසිදු බාධාවක් නොමැති බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම දැනුම් දී තිබේ.