මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටියදී මියගිය ඉෂාර හර්ෂ කුමාරගේ ඥාතීන් විසින් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මියගිය පුද්ගලයාගේ බිරිඳ සඳහන් කළේ, සිය සැමියාගේ මරණයට වගකිව යුතු බවට චෝදනා එල්ල වන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කර සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවය.
එම නිලධාරීන්ට එරෙහිව මෙතෙක් ගෙන ඇති පියවර ප්රමාණවත් නොවන බව පෙන්වා දුන් ඇය, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන නිසි දඬුවම් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියාය.
මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය පසුගිය 25 වැනිදා වාර්තා විය.
කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර නමැත්තා අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී පොලිස් පහරදීමකට ලක්වූ බවට ඔහුගේ ඥාතීන් චෝදනා කර තිබුණි.
පසුව ඥාතීන්ගේ ඉල්ලීම මත ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබූ අතර, එහිදී ඔහු මියගොස් තිබුණි.
හෝමාගම පොලිස් භාරයේ සිටි සැකකරුගේ මරණය - ඥාතීන්ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.