විවිධ අපරාධ සහ වෙනත් නීති විරෝධී ක්රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිසියේ රඳවා සිටින සැකකරුවන්ට පහරදීම් සිදු කළහොත් ඒවායේ වගකීම අනිවාර්්යයෙන්ම පොලිස් ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා බාර ගතයුතු බවට දැනුම්දී ඇත.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතාගේ විශේෂ උපදෙස් මත පොලිස්පතිවරයා ඇතුළු ප්රධානීන් විසින් පොලිස් ස්ථානාධිපතිවරුන්ට සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්ට මේ බව දැනුවත් කරනු ලැබ ඇත.
මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දිවයින පුරා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් සූම් තාක්ෂණය ඔස්සේ අද හෙටම කැඳවා, අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළයුතු වැඩපිළිවෙල (නීතිය) නැවත සිහිපත් කර දෙන බවයි.
පොලිස් අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ට පහර දීම ඇතුළු හිරිහැරකිරීම් කිසිසේත් අනුමත නොකරන බවත් එවැනි ක්රියා සිදුකරන පොලිස් නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්රියාත්මක කරන බවත් අමාත්යවරයා ප්රකාශ කළේය.
හෝමාගම පොලිසියේ අත්අඩංගුවේ සිටි තරුණයකු මිය යෑමේ සිද්ධියෙන් පසු ඊට සම්බන්ධ වූ බව පැවසෙන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්ය ක්රියාමාර්ග කඩිනමින් ගත් බවද හෙතෙම පෙන්වා දුන්නේය.
එම පොලිසියේදී යම් පහර දීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි පැවසූ ආනන්ද විජේපාල මහතා වෛද්ය වාර්තා සහ සෙසු සාක්ෂි පදනම් කරගෙන අධිකරණය ඒ සම්බන්ධයෙන් අවශ්ය ක්රියාමාර්ග ගනු ඇති බවද ප්රකාශ කළේය.
මේ අතර හෝමාගම පොලිස් භාරයේ සිටියදී පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය පහරදීමක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට විශ්වාස කරන නමුත්, ඒ සම්බන්ධයෙන් නිශ්චිතව ප්රකාශ කළ හැක්කේ වෛද්ය වාර්තාවේ කරුණු අනුව බව බස්නාහිර පළාත් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ පොලිස් මාධ්ය කොට්ඨාසයේදී පෙරේදා (29) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදිය.
මියගිය පුද්ගලයාගේ ඉළ ඇට තුනක් කැඩී මොළයේ රුධිර වහනයක් සිදුව ඇති බව අදාළ වෛද්ය වාර්තාවේ සඳහන් වන්නේ යැයිද ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා පැවසීය.
එමෙන්ම මෙතෙක් අනාවරණය වී ඇති තොරතුරු අනුව ඔහුගේ හිසටද තුවාල සිදුව ඇති බව මැදවත්ත මහතා සඳහන් කළේය.
ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ, අදාළ පුද්ගලයා සිරමැදිරියට ගෙන ඒමට පෙර යම් කාලයක් පොලිස් අපරාධ අංශයේ රඳවාගෙන සිට ඇති බවයි. එම කාලසීමාවේ දී ඔහුට පහරදීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තාවී ඇති බවද හෙතෙම සදහන් කළේය.
කෙසේ වෙතත් එම පහරදීම පිළිබඳ තොරතුරු මෙතෙක් තහවුරු වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කෙරෙමින් පවතින බව හෙතෙම සඳහන් කළේය.
මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළඹීම සඳහා වෛද්ය වාර්තාවේ කරුණු ඇතුළු විමර්ශනවල ප්රතිඵල වැදගත් වන බව ද ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.
ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත මහතා මෙසේද පැවසීය.
‘’හෝමාගම සිද්ධියේ දී වෛද්ය වාර්තාවේ දැනුම් දීලා තියෙන්නේ ඔහුගේ ඉළ ඇට තුනක් කැඩිලා තියෙනවා කියලා. ඒ වගේම ඔහුගේ මොළේ රුධිරය වහනය වීමක් වෛද්ය වාර්තාවේ සඳහන් වෙනවා.. අපි දැනගෙන තියෙන තොරතුරු අනුව හිස තුවාල වීමක් වෙලා තියෙනවා. ඔහුගේ මරණයට හේතුව පහරදීමක් කියලා විශ්වාස කරනවා. නමුත් ඒක හරියටම කියන්නෙ වෙන්නේ වෛද්ය වාර්තාවේ තොරතුරු අනුව. සිර මැදිරියට දාන්න ප්රථම ඔහු යම්කිසි කාලයක් රඳවාගෙන ඉඳලා තියෙනවා අපරාධ අංශයේ. ඒ කාලයේදී පහරදීමක් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.. තාම ස්ථීර නෑ.. ඒ සම්බන්ධයෙන් විමර්ශන කරනවා..''
සැකකරුවන්ට පහරදුන්නොත් වගකීම OIC බාරගත යුතුයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.