නීති විරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව ගෝනහේන විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග වේයන්ගොඩ, මාළිගාතැන්න ප්රදේශයේදී ඊයේ (31) වැටලීමක් සිදුකර ඇත.
එහිදී නීතිවිරෝධී දුම්වැටි 18,400ක් සමග සැකකරුවෙකු නිලධාරීන් භාරයට ගෙන තිබේ.
යුද හමුදාව පැවසුවේ එහිදී සැකකරු සතුව තිබූ සිය භාරයට ගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 20කට ආසන්න වන බවය.
අත්අඩංගුවට ගත් සැකකරු නුංගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර අද (01) දින අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය.
යුද හමුදා බුද්ධි තොරතුරින් ලක්ෂ 20ක නීතිවිරෝධී දුම්වැටි සමග අයෙකු අත්අඩංගුවට
පුවතට සවන් දෙන්න
ස්වයංක්රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
මධුෂානි අබේසිංහ
විශේෂාංග හා සංස්කෘතික වාර්තාකරු
සංචාරක, කලා සහ පාරිසරික විශේෂාංග ලිපි සම්පාදනයෙහි නියුතු සම්මානනීය ලේඛිකාවකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.