පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සාලියවැව, කුඹුක්කල්ල ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනයට ලක්ව ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (03) දින මෙම මරණය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සාලියවැව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
මෙලෙස මියගොස් සිට ඇත්තේ අවුරුදු 32ක් වූ කුඹුක්කල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනය අනුව පොලීසිය සැකකරන අතර පුරුෂයා දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවට අනාවරණය වී ඇත.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සාලියවැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ජීවිතයකින් අවසන් වූ පවුල් ආරවුල - සැමියා පලා යයි
පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සාලියවැව, කුඹුක්කල්ල ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනයට ලක්ව ඇතැයි පොලීසිය පවසයි.
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.