ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ආරම්භ කිරීමට නියමිත විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද (09) සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව අද සිට එළඹෙන 14 වැනිදා දක්වා මෙම විශේෂ ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි මෙම විශේෂ ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක වන බවයි.
ඒ යටතේ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම, ඒකාබද්ධ ඩෙංගු පරීක්ෂණ කණ්ඩායම් යෙදවීම, හිමිකරුවන් නොමැති පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ පිරිසිදු කිරීම, පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ ආගමික ස්ථාන ආශ්‍රිතව පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහන් සංවිධානය කිරීම මෙන්ම මෙහෙයුම් මැදිරියක් මගින් දෛනික කටයුතු අධීක්ෂණය කිරීම ඇතුළු කාර්යයන් රැසක් මෙම සතිය තුළ සිදු කිරීමට නියමිතය.
ජාතික ඩෙංගු මර්දන ඒකකයට අමතරව, මෙම වැඩසටහනේ අනෙකුත් හවුල්කාර පාර්ශ්ව ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් ස්වේච්ඡා සංවිධාන එක්ව කටයුතු කරනු ඇත.
විශේෂ ඩෙංගු මර්දන සතිය අදින් ඇරඹෙයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.