මැදවච්චියේ බස් රථ අනතුරින් දෙදෙනෙකු මරුට - 50කට තුවාල
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
A9 මැදවච්චිය - අනුරාධපුර මාර්ගයේ රඹෑව ප්‍රදේශයේදී ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී සිදූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
ඉන් තවත් 50කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වෙයි. (Update - 10.47)
===============
ඒ 9 මාර්ගයේ අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ බස්රථ තුනක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ 2ක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කළේය.
අනතුරින් තුවාල ලැබූවන් මේ වන විට ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත රැගෙන එමින් පවතින බවයි රෝහල් ආරංචිමාර්ග පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.