චීන තානාපති සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති වෙයි හුආෂියං මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ දී මෙම හමුව සිදුව ඇත.
එමෙන්ම මෙම හමුවේ දී විදුලි සංදේශ හා අන්තර්ජාලය ඔස්සේ සිදු කරන මූල්‍ය වංචා ඇතුළු අපරාධ මැඩලීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබේ.
ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තහවුරු කරමින්, අන්තර්ජාල වංචා වැළැක්වීම සඳහා ඒකාබද්ධ ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව සහ එවැනි ජාත්‍යන්තර සන්ධානයකට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ලබාගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇත.
නවීන උපකරණ සහ සුදුසු පුහුණු අවස්ථා ලබාදීම මගින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ධාරිතාව ශක්තිමත් කිරීම කෙරෙහි ද අවධානය යොමුව තිබේ.
මේ අතර මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ට සහ අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයට ශිෂ්‍යත්ව අවස්ථා ලබාදීමේ හැකියාවන් සොයා බැලීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇත.
අන්තර්ජාල වංචාවලින් මහජනතාව ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින්, දෙරටටම අන්‍යෝන්‍ය ප්රතිලාභ සැලසෙන අයුරින් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙහිදී දෙපාර්ශ්වයම තම කැපවීම ප්‍රකාශ කර ඇති බව සඳහන්.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.