යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී අයිස් (මෙත්ඇම්ෆෙටමින්) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 400ක තොගයක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

2026 නොවැම්බර් 17 වන දින අලුයම 4.00ට පමණ මාතර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ එක්ව යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී අම්බලන්ගොඩ, කන්දගොඩ ආදාහනාගාර භූමියේ සොහොන් කොතක් අසල ජාවාරම් කටයුතු සඳහා සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් 16,800,000කට ආසන්න බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය මඟින් සිදුකරනු ලබයි.