කඩුවෙල නගරයේ විද්‍යුත් උපකරණ අලෙවිසලක ඇතිවූ ගින්නකින් එකම පවුලේ සිව් දෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්. යු. වුට්ලර් මහතා පැවසීය.

එම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ තලාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි නාරද සදරුවන් (35) ඔහුගේ බිරිඳ වන නිලක්ෂා මදුශානි රාජපක්ෂ (28) ඔවුන් ගේ දියණියන් දෙදෙනා වන ඔනලි රාජපක්ෂ (3) හා දිනලී රාජපක්ෂ (3) යන දැරියන් දෙදෙනායි.

රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයට අයත් මෙම ව්‍යාපාරික ස්ථානයේ සේවකයන් වශයෙන් මියගිය යුවළ සේවය කරන අතර ඔවුන් දියණියන් දෙදෙනා සමග නවාතැන් ගෙන සිට ඇත්තේ එම වෙළඳසලේ ඉහළ මාලයේ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත,

මෙම ව්‍යාපාරික ස්ථානයේ ගින්නක් හටගෙන ඇති බවට අද (19) අලුයම 6 05 ට කඩුවෙල පොලිසියට ලද නිර්ණාමික ඇමතුමක් අනුව එම ස්ථානයට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය දැක ඇතැයි පොලිසිය කියයි.

එම දෙමහල් ගොඩනැගිල්ලේ වාතාශ්‍රයක් පිටවීම සඳහා කිසිදු ජනෙල් කවුළුවක් නොමැති වීමෙන් පහත මාලයේ ව්‍යාපාරික ස්ථානයේ ඇති වූ ගින්නකින් ඇති වූ දුමාරය ඉහළ මහලට යොමුවීම හේතුවෙන් නින්දේ සිටියදීම මෙම පිරිස මිය යන්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ගින්න නිවීම සඳහා කෝට්ටේ නගර සභාවේ ගිනිවීමේ ඒකකය ඉගිලි වන රථ තුනක් තුනක්. මේ එම ස්ථානයට පැමිණ ගින්න නිවීම සඳහා දැඩි පරිශ්‍රමයක යෙදීමට සිදුවූ බව පොලිසිය සඳහන් කරයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර රජයේ රස පරීක්ෂක සහ අපරාධ ස්ථාන පරීක්ෂණාකාර නිලධාරීන් කැඳවා පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.