හුස්ම ගැනීමේ අපහසුතාවයක් නිසා සිසුන් 36 දෙනෙකු රෝහල්ගත කෙරේ
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මස්කෙළිය ශාන්ත ජෝසප් ජාතික විද්‍යාලයේ සිසුන් 36 දෙනෙකු අද (20) මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
අද (20) උදෑසන 8.45ට පමණ මස්කෙළිය ශාන්ත ජෝසප් ජාතික විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුන් 96 දෙනෙකු උදෑසන ආහාරය ගැනීමෙන් අනතුරුව පන්ති කාමරවල රැඳී සිටියදී මෙම හුස්ම ගැනීමේ අපහසුතාව හටගෙන ඇති බව වාර්තා වේ.
රෝහල්ගත කළ සිසුන් අතරින් 30 දෙනෙකු ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇති බවද සඳහන්.
එමෙන්ම ඉතිරි සිසුන් හයදෙනා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.