බීඩි කොළ කිලෝග්‍රෑම් 460ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හැටක පමණ තොගයක් නාවික හමුදව විසින් සිය භාරයට ගෙන තිබේ.
ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කප්පල්අඩි හා සින්නමුක්කරෙයි වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව අද (20) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය.
එහිදී කප්පල්අඩි හා සින්නමුක්කරෙයි වෙරළ ප්‍රදේශයන්හී තිබූ සැකකටයුතු උර දොලහක් පරීක්‍ෂාවට ලක් කර ඇත.
එහිදී, නීති විරෝධී ලෙස රට තුළට රැගෙනවිත්, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් අතහැර දමා යන ලද බවට සැකකෙරෙන, මෙම බීඩි කොළ තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව ඇත.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.