ශාසන ඉතිහාසයේ අනුස්මරණීය සිදුවීම්වලින් සමන්විත ඉල් පොහොය අදයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
චීවර මාසයේ අවසන් දිනය වන ඉල් පුර පසලොස්වක පොහෝය දිනය අදයි.
වස් එළඹ සිටි භික්‍ෂූන් වහන්සේලා උදෙසා කඨින චීවර පූජා පින්කම සිදු කළ හැකි චීවර මාසයේ අවසන් දිනය වන ඉල් පුර පොහෝ දිනය ශාසන ඉතිහාසයේ අනුස්මරණීය සිදුවීම්වලින් සමන්විතය.
වප් පොහොයෙන් ආරම්භ වී ඉල් පොහොයෙන් අවසන් වන මාසය කඨින චීවර මාසය ලෙස හැඳින්වේ.
බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇසළ පොහෝ දිනේ සිට එකම ස්ථානයක වැඩවාසය කරමින් ආගමික කටයුතුවල නිරත වෙති.
මෙය වර්ෂා සමයේ ගමන් බිමන් අපහසුවීම මත ආරම්භ වූ සම්ප්රදායකි. මෙම වස් තුන් මාසයේ උවසු උවැසියෝ සිල් සමාදන් වෙමින් හා පින්කම් සිදුකරමින් ආගමික වතාවත්වල නිරතවෙති.
වස් කාලය අවසානයේ උපසම්පදා භික්ෂූන් වහන්සේලා උදෙසා සිදු කෙරෙන කඨින චීවර පූජාව ඉතා උසස් හා ආනිසංස බහුල පින්කමක් ලෙස සැලකෙයි.
එමෙන්ම, ඉල් පොහොයේ සුවිශේෂී ශාසනික සිදුවීම් කිහිපයක් වෙයි. ප්‍රථම ධර්මදූත පිරිස වූ සැටනමක් රහතන් වහන්සේලා “චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං, මා එකෙන ද්වෙ අගමිත්ථ, දෙසෙථ භික්ඛවෙ ධම්මං ආදිකල්යාණං මජ්ඣෙ කල්‍යාණං පරියෙසාන කල්‍යාණං සාත්ථං සඛ්‍යඤ්ජනං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙථ”යනුවෙන් ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර හැරියේ අද වැනි ඉල් පොහොය දිනකය.
එසේම, බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑමට අවසර ගත්තේ ඉල් පොහෝ දිනයේය.
මෛත්‍රී බෝසතාණන්වහන්සේට නියත විවරණ ලැබුණේ ද, සහ තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් කාශ්‍යප ප්‍රමුඛ පිරිස වෙත බුදුරජාණන් වහන්සේ වැඩම කළේ ද මෙවැනි ඉල් පොහොය දිනකදීය.
වස් එළඹ සිටි භික්‍ෂූන් වහන්සේලා උදෙසා කඨින චීවර පූජා පින්කම සිදු කළ හැකි චීවර මාසයේ අවසන් දිනය වන ඉල් පුර පොහෝ දිනය ශාසන ඉතිහාසයේ අනුස්මරණීය සිදුවීම්වලින් සමන්විතය
ලොව ඇති උසස් ම අවබෝධය වූ බුද්ධත්වය ලැබීම පිණිස බුද්ධ කාරක ධර්ම (දස පාරමිතා) පිරිය යුතුය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. යම් අයෙකුට බුද්ධත්වය ලබා ගත හැකි ද යන්නපිළිබඳ ව දැන ගත හැකි වන්නේ බුදුරජාණන්වහන්සේ නමකගෙන් පමණි.
බුද්ධත්වය ලබා ගැනීමට පෙරුම් පුරන බෝධිසත්වවරයෙකුට තමන්ගේ සම්මා සම්බුද්ධත්වය පිළිබඳ ව සම්මා සම්බුදුරජාණන්වහන්සේ නමකගෙන් ස්ථිර වශයෙන් ම දැනගැනීම නියත විවරණ ලැබීම නම් වේ. මෙහිදී සම්මා සම්බුදුරජාණන්වහන්සේ එම බෝධිසත්වයන්ට බුද්ධත්වය ලබන බව ස්ථිර වශයෙන් ම ප්‍රකාශ කරන අතර බුදුසිරිත හා බැඳුණු බොහෝ විස්තර ද ප්‍රකාශ කරති.
බෝධිසත්වවරයෙකු විසින් නියත විවරණ ලැබීමේ දී සම්පූර්ණ කළ යුතු ධර්මතා අටක් පිළිබඳ ව බුද්ධවංශ පාළියෙහි සුමේධ කථාවෙහි සඳහන් වේ. එම කරුණු මෙසේය.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.