රු. කෝටි 18කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් පෑලියගොඩ ගුදමකින් හමුවෙයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි රේගු ගුදමක තිබී රුපියල් කෝටි 18කට අධික වටිනාකමකින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව භාරයට ගෙන තිබේ.
මැලේසියාවේ සිට මෙරටට එවා තිබූ පාර්සල් තුනක සූක්ෂම ලෙස සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදුකළ විශේෂ පරීක්ෂාවකදී සැකකටයුතු පාර්සල් හඳුනාගෙන ඇති අතර, ඒවා භාරගැනීමට පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් රඳවා තබා ගැනීමට පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, නියමිත කාලසීමාව තුළ කිසිවෙකුත් එම පාර්සල් භාරගැනීමට නොපැමිණීම හේතුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඉදිරියේ ඒවා විවෘත කර පරීක්ෂා කර තිබේ.
එහිදී හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18.193ක් සොයාගෙන ඇති අතර, එහි ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් 181,930,000ක් බව රේගුව සඳහන් කරයි.
මූලික රේගු විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව රේගු භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබේ.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.